ගාසා නගරය සම්පූර්ණයෙන්  අත්පත් කරගැනීමේ සැලැස්ම ඊශ්‍රායල ආරක්ෂක කැබිනට් මණ්ඩලයේ අනුමැතිය

0
210

NEWSNOW| –  ගාසා තීරයේ ඊශ්‍රායල පාලනයේ නොමැති ප්‍රදේශයක් වන ගාසා නගරය සම්පූර්ණයෙන්  අත්පත් කරගැනීමේ සැලැස්ම ඊශ්‍රායල ආරක්ෂක කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

බෙන්ජමින් නෙතන්යාහුගේ සැලසුම ඊශ්‍රායල ආරක්ෂක කැබිනට් මණ්ඩලය ඊයේ (7) රාත්‍රියේ රැස්ව ඇති අතර, එහිදී නෙතන්යාහු විසින් ගාසා නගරය සම්පූර්ණ හමුදා පාලනයකට අත්පත් කරගැනීමේ අවශ්‍යතාව පැහැදිලි කර ඇති බව සඳහන්.

ගාසා භූමියට උතුරින් පිහිටි මෙම ගාසා නගරය හැරෙන්න, ඊශ්‍රායලය දැනටමත් ගාසා තීරයෙන් 75%ක් පමණ පාලනය කරනු ලබයි. ඒ හේතුවෙන් එහි දේශසීමා රැසක් ඔවුන් විසින් මුද්‍රා තබා තිබේ.

ඒ අනුව ගාසා තීරයේ සම්පූර්ණ පාලනය ලබා ගැනීමට නම්, එහි මිලියන දෙකක ජනගහනයෙන් වැඩි කොටසක් රැකවරණය පතා ඇති විනාශ වී නොමැති  ප්‍රදේශවල ද භූමි මෙහෙයුම් දියත් කිරීමට ඊශ්‍රාලයට සිදු වේ.