ඔස්ට්‍රේලියානු අග්‍රාණ්ඩුකාර සමන්තා ජෝයි මොස්ටින් මහත්මිය දිවයිනට

0
127

NEWSNOW| –  තෙදින නිල සංචාරයක් සඳහා ඔස්ට්‍රේලියානු අග්‍රාණ්ඩුකාර සමන්තා ජෝයි මොස්ටින් මහත්මිය දිවයිනට පැමිණියාය.

ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයකට අනුවය.

ඕස්ට්‍රේලියානු අග්‍රාණ්ඩුකාරවරිය ඊයේ (06) දිනයේ දිවයිනට පැමිණි බව අප ගුවන්තොටුපළ වාර්තාකරු සඳහන් කළේය.

දිවයිනට පැමිණි අග්‍රාණ්ඩුකාර සමන්තා ජෝයි මොස්ටින් ඇතුළු දූත පිරිස අමාත්‍ය විජිත හේරත් මහතා විසින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහිදී පිළිගනු ලැබීය.

මෙම සංචාරයේදී සමන්තා ජෝයි මොස්ටින් මහත්මිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය හමුවී ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට ද නියමිතය.

එහිදී ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සහ දෙරටේම අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සඳහා පවතින සහයෝගීතා ක්ෂේත්‍ර පුළුල් කිරීමේ අවස්ථා පිළිබඳ සාකච්ඡා කෙරෙනු ඇති.

එමෙන්ම, සමන්තා ජෝයි මොස්ටින් මහත්මිය, දිවයිනේ රැඳී සිටින කාලය තුළ විවිධ ප්‍රදේශවල සංචාරය කිරීමටත්, බණ්ඩාරගම, මිරිස්ස සහ වැලිගම යන ප්‍රදේශවල ක්‍රියාත්මක ඕස්ට්‍රේලියාව විසින් සහාය දක්වන ව්‍යාපෘති කිහිපයක නිරීක්ෂණය කිරීමටත් නියමිතය.

(ටී.කේ.ජී.කපිල – කටුනායක)