ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක රුසියාවේ නිල සංචාරයක

0
131

ඉන්දියාවට එරෙහිව දැඩි තීරුබදු පනවන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අවධාරණය කර තිබේ.

ඒ ඉන්දියාව විසින් රුසියානු ඉන්ධන මිලදී ගැනීමට තීරණය කිරීමට ගත් තීරණයත් සමඟය.

කෙසේ නමුත් එම අනතුරු ඇඟවීම් නොතකා රුසියානු ඉන්ධන අඛණ්ඩව මිලදී ගැනීමට ඉන්දියාව කටයුතු කළේය.

එවන් පසුබිමක ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දෝවාල් රුසියාවේ නිල සංචාරයක් ආරම්භ කර තිබේ.

ඉන්දීය විදෙස් කටයුතු ඇමති එස් ජයශංකර් ද ලබන මාසයේදී රුසියාවේ සංචාරය කිරීමට නියමිතය.