NEWSNOW | – නව රජයේ ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා සමඟ සමෘද්ධි සේවක වෘත්තීය සමිති කළ සාකච්ඡාවන්ගේ ප්‍රථිපලයක් ලෙස පසුගිය 04 දින පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී අමාත්‍යවරයා විසින් 4%ක අධිභාරය එක් වරක් පමණක් අය කිරීමට කළ යෝජනාව සඳහා කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත.
එය සමෘද්ධි සේවකයන්ට මහත් අස්වැසිල්ලක් බවයි ඔවුන් පවසන්නේ. නව රජය පත්වීමත් සමඟ විෂය භාර අමාත්‍යවරයාගේ මැදිහත් වීම තුළ සමෘද්ධි සේවකයන්ට මෙතෙක් නොතිබි සේවක උසස්වීම් පටිපාටියක් හඳුන්වාදීම. සේවක අවධානම් දීමනාව ඉහල දැමීම, කාර්යාල දීමනාව ඉහල දැමීම වැනි ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇත.
2014 වර්ෂයේ සමෘද්ධි සේවකයන් සමෘද්ධි අධිකාරියෙන් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවට අන්තර්ග්‍රහනය වීමේදී සේවක ගැටළු ගණනාවක් පැණනැගුණි. ඉන් ප්‍රධාන අර්බුදයක් වන්නේ සමෘද්ධි අධිකාරිය තුළ සේවය කළ කාලයට අදාලව ලබාගත් අර්ථසාධක අරමුදලින් නැවත ගෙවිය යුතු රජයේ දායකත්වය වන 60%ක ප්‍රමාණය සහ 4%ක අධිභාරයක් ගෙවීමට සිදුවීමයි.