කැනඩාවද පලස්තීනය වෙනම රාජ්‍යයක් ලෙස පිළිගැනීමට සූදානම්

0
108

NEWSNOW | – කැනේඩියානු අග්‍රාමාත්‍ය මාර්ක් කාර්නි පවසන්නේ සැප්තැම්බර් මාසයේදී පලස්තීන රාජ්‍යය පිළිගැනීමට සැලසුම් කරන බවයි.

එසේම මෑතකදී එවැනි නිවේදනයක් නිකුත් කළ තුන්වන G7රට බවට කැනඩාව පත්වන බවද අග්‍රාමාත්‍යවරයා තවදුරටත් පවසා තිබේ.

“ගාසා තීරයේ මිනිසුන් දුක් විඳීමේ මට්ටම දරාගත නොහැකි” බව කාර්නි ඊයේ (30) පැවසීය.

එලෙසම ඊශ්‍රායලය සටන් විරාමයකට එකඟ නොවන්නේ නම් එක්සත් රාජධානියද සැප්තැම්බර් මාසයේදී පලස්තීන රාජ්‍යය පිළිගන්නා බව අනාරවණය වී ඇත.

එක්සත් රාජධානිය එම නිවේදනය සිදු කිරීමෙන් දිනකට පසුව ප්‍රංශය ද ඒ හා සමාන සැලැස්මක් ඉදිරිපත් කරන බව විදෙස් මාධ්‍ය ප්‍රකාශ කරයි.