නුවර ගම්පල පිහිටි කඳුරට කුඩ කර්මාන්ත ශාලාවේ අද(28) පස්වරුවේ හදිසියෙන් ඇතිවූ ගින්නක් නිසා එම කර්මාන්ත ශාලාව දැඩි ලෙස හානියට පත්ව ඇත.
ගිනි නිවන රථ දෙකක් යොදා ගනිමින් එම ගින්න පාලනය කර තිබේ.
ගින්නෙන් කර්මාන්ත ශාලාවේ විශාල කොටසක් විනාශ වී ඇත.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. ඒ සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණ පවත්වයි.
(සාජහාන් බාස්කාන්)