මාලදිවයිනට ගිය ජනපති අනුර හරසරින් පිළිගනී [PHOTOS]

0
9

NEWSNOW | – අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා මීට සුළු වෙලාවකට පෙර මාලදිවයිනට ගොඩ බැස තිබේ.

මාලදිවයින් ජනාධිපති මොහමද් මුයිසු මහතාගේ ආරාධනයක් මත ලබන 30 වැනිදා දක්වා ජනාධිපතිවරයා මාලදිවයිනේ රාජ්‍ය සංචාරයේ නිරතවීමට නියමිතය.

මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මාලදිවයින් ජනාධිපතිවරයා සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමටත්, දෙරට අතර අන්‍යොන්‍ය සහයෝගිතාව වර්ධනය කිරීම සඳහා අවබෝධතා ගිවිසුම් කිහිපයක් හුවමාරු කර ගැනීමටත් සූදානමින් සිටියි.