තුන් දින නිල සංචාරයක් සඳහා ජනපති මාලදිවයින බලා පිටත් වෙයි

0
165

NEWSNOW| – ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තුන් දින නිල සංචාරයක් සදහා අද (28) උදෑසන කටුනායක ගුවන් තොටුපොළෙන් මාළදිවයින මාළේ නුවර බලා පිටත්ව ගිය බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය.

ජනාධිපතිවරයා සමග විදේශ කටයුතු , විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ද තවත් රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කීප දෙනෙකුගෙන් සමන්විත පිරිසක් ද දූත පිරිස ලෙස එක් වී සිටියහ.

ඔවුහු උදෑසන 07.30 ට මාළදිවයින මාළේ නුවර බලා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 101 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගියහ.

මෙම පිරිස ලබන 30 වන දින මෙම සංචාරය නිමා කර ආපසු පැමිණීමට නියමිතය.

(ටී.කේ.ජී.කපිල – කටුනායක)