NEWSNOW | – 44% ක බහුතරය දිනාගත් ජාතික ජන බලවේගය වැලිගම ප්‍රාදේශීය සභාව එක් ඡන්දයකින් පරාජයට පත් වේ.
ආසන 45 කින් යුත් වැලිගම ප්‍රාදේශීය සභාවේ ආසන 22 ක් දිනාගත් ජාතික ජන බලවේග පක්ෂයට ආණ්ඩු පිහිටුවීමට නොහැකි වී තිබේ.
වැලිගම ප්‍රාදේශීය සභා මැතිවරණයේදී පාලක ජාතික මහජන බලවේග පක්ෂය ආසන 22 ක් දිනා ගෙන තිබුණි. සමගි ජන බලවේගය ආසන 9 ක් , ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 6 ක්, එක්සත් ජාතික පක්ෂය 2 ක්, සර්වජන බලය 2 ක්, මහජන සන්ධානය (PA) 1 ක් සහ ස්වාධීන කණ්ඩායම් ආසන 3 ක් බැගින් දිනා ගෙන තිබුණි.
මෙම තත්ත්වය තුළ, ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා අද පැවති විවෘත මැතිවරණයේදී, වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස සමගි ජන බලවේගයේ අපේක්ෂක ලසන්ත වික්‍රමසේකර තේරී පත් විය. සමගි ජන බලවේගය (9), ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (6), එක්සත් ජාතික පක්ෂය (2), සර්වජන බලය (2), මහජන සන්ධානය (PA) (1) සහ ස්වාධීන (3) යන මන්ත්‍රීවරුන් ඡන්ද 23 ක් ම ඔහු ලබා ගත්හ.
විපක්ෂ මන්ත්‍රී දෙනගම රාහුල හිමි උප සභාපතිවරයා ලෙස පත් කරන ලදී.
මේ වනවිට මෙම පුද්ගලයා කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන ඇති අතර, එම නිලධාරීන් මොහු මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.