අතුරුදන් වූ රුසියානු මගී ගුවන් යානයේ සුන්බුන් සොයා ගැනේ

0
24

NEWSNOW | – රුසියාවේ නැගෙනහිර අමූර් කලාපයේ අද (24) උදෑසන මගීන් 50 දෙනෙකු සමඟ අතුරුදහන් වූ බව කියන මගී ගුවන් යානයේ සුන්බුන් සොයාගත් බව විදෙස් මාධ්‍ය පවසයි.

රුසියානු ප්‍රවෘත්ති ඒජන්සිය වන ඉන්ටර්ෆැක්ස් වාර්තා කළේ, බ්ලැගොවෙෂ්චෙන්ස්ක් කලාපීය මධ්‍යස්ථානයේ සිට සැතපුම් 360 ක් පමණ දුරින් ගමන් කර ඇති ටින්ඩා නගරයේ එහි අපේක්ෂිත ගමනාන්තයේ සිට සැතපුම් නවයක් පමණ දුරින් යානයේ සුන්බුන් හමු වූ බවයි.

ආණ්ඩුකාර වාසිලි ඔර්ලොව් ටෙලිග්‍රෑම් වෙත සටහනක් තබමින් කියා සිටියේ, රේඩාර් වලින් වින්සන්දි වී ගිය විට An-24 ගුවන් යානය මගීන් 43 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් හය දෙනෙකු රැගෙන යමින් සිටි බවයි. මගීන් අතර ළමුන් පස් දෙනෙකු ද සිටි බව ඔහු පැවසීය.

රුසියාවේ ෆෙඩරල් ගුවන් සේවා ඒජන්සියක් වන රොසාවියැට්සියා හි ප්‍රකාශකයෙකු වන ආටෙම් කොරෙන්යාකෝ ටෙලිග්‍රෑම් හි සඳහන් කර ඇත්තේ සෝදිසි සහ ගලවා ගැනීමේ හෙලිකොප්ටරයකින් “ගිනිගෙන දැවෙන බඳ කොටසක් සොයා ගන්නා ලද”බවයි.

ගලවා ගැනීමේ කටයුතු සඳහා පුද්ගලයින් 50 කට වැඩි පිරිසක් සහ උපකරණ යොදවා ඇති බව එරට හදිසි අවස්ථා අමාත්‍යාංශය පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here