ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේදී සේවකයින් විරෝධතාවයක

0
18

NEWSNOW | –  ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේදී සේවකයින් , අද (23) දහවල් කෑම පැයේ දී  කටුනායක සිය ප්‍රධාන කාර්යාල ඉදිරිපිට දී, තමන්ට 2024 වසරේ ජනවාරි මස සිට අහිමි කර ඇති රුපියල් දස දහසක ජීවන වියදම් දීමනාව යළි ගෙවන ලෙස ඉල්ලා නිහඩ විරෝධතාවයක නියැලී සිටියහ .

2022 වසරේ කොවිඩ් ව්‍යාප්තියත් සමග රජය ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සේවකයින් හට රුපියල් 25,000 ක මාසික දීමනාවක් ලබා දී ඇති අතර , එය 2024 ජනවාරි මාසයේ සිට රුපියල් 10,000 ක් අඩු කර ඉතිරි රුපියල් 15,000 ක මුදල ගෙවීමට පියවර ගෙන තිබේ.

මේ පිළිබඳ නියෝජ්‍ය අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස මේ වසරේ ජුනි මස එම දීමනාව යළි ගෙවීම් ආරම්භ කළ ද , හෙට (24) දින ගෙවීමට නියමිත ජුලි මස වැටුපෙන් යළිත් එම මුදල කපා හැර ඇති බවට තමන් වෙත තොරතුරු ලැබී ඇති බව ශ්‍රි ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සේවක වෘත්තීය සමිතියේ සභාපති ජී.සී.රත්නසිංහ මහතා පැවසීය.

එනිසා තමන් මෙසේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹි බව රත්නසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

(ටී.කේ.ජී. කපිල – කටුනායක)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here