NEWSNOW | – චීනයේ ග්වැන්ෂෝ නුවර සිට වයස අවුරුදු 19 න් පහළ පා පැදි තරගකරුවන් 20 දෙනෙකු ඇතුළු නිලධාරීන් පිරිසක් අද (23) දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ.
ඒ ශ්‍රී ලංකාව තුළ වාර්ෂිකව සංවිධානය කරන ” ශ්‍රී ලංකා මිත්‍රත්ව පා පැදි සවාරිය ” සදහා සහභාගී වීමටය.
දෙවන වරටත් සංවිධානය කරන මෙම පා පැදි සවාරිය සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙරට වයස අවුරුදු 19 න් පහළ පා පැදි තරගතරගකරුවන් 20 දෙනෙකු ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.
දින 03 ක් තුළ පවත්වන මෙම පා පැදි සවාරිය අද (23) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ අසළින් ආරම්භ වී කොළඹ , බෙන්තොට , හික්කඩුව , ගාල්ල , මිරිස්ස , දික්වැල්ල ඔස්සේ පැමිණ හම්බන්තොට ෂැංග්‍රිල්ලා හෝටලය අසළින් නිමාවට පත් වීමට නියමිතය .
මෙම පා පැදි සවාරිය අවසානයේ චීනයේ ග්වැන්ෂෝ පා පැදි සංගමය විසින් මෙරට පා පැදි තරගකරුවන් හට පා පැදි තරග සදහා භාවිතා කරන පා පැදි , පාවහන් , හිස්වැසුම් , ජර්සි ඇදුම් ඇතුළු විශාල ක්‍රීඩා උපකරණ තොගයක් පරිත්‍යාග කිරීමට නියමිතය.
ටී.කේ.ජී. කපිල – කටුනායක