බංගලාදේශ ගුවන් යානා අනතුරින් මියගිය ගණන 27 දක්වා ඉහළට

0
14

NEWSNOW | – බංග්ලාදේශ ගුවන් හමුදා පුහුණු ගුවන් යානයක් ඊයේ(21) පස්වරුවේ එරට අගනුවර පාසලකට කඩා වැටීමෙන් එහි නියමුවා සහ තවත් 26 දෙනෙකු මිය ගියහ.ඔවුන්ගෙන් වැඩි දෙනෙක් සිසුන් බව නිලධාරීහු පවසති.

මෙම අනතුර හේතුවෙන් ඩකාහි දෙමහල් ගොඩනැගිල්ලේ ගින්නක් හටගත් අතර, ඉන් දුම් දමන ලදී. බොහෝ දෙනෙක් සිසුන් සහ බොහෝ දෙනෙක් පිළිස්සුම් තුවාල ලබා සිටි අතර, හෙලිකොප්ටර්, ගිලන් රථ, යතුරුපැදි රික්ෂෝ සහ ගිනි නිවන භටයින් සහ වැඩිහිටියන් එක්ව පුද්ගලයින් 171 දෙනෙකු බේරාගෙන එම ස්ථානයෙන් රැගෙන ගිය බව නිලධාරීහු පැවසූහ.

ඊයේ (22) එරට කුර්මිටෝලා ගුවන් කඳවුරෙන් සාමාන්‍ය පුහුණු මෙහෙයුමක් සඳහා ගුවන් ගත වී ඇති F-7 BGI නම් පුහුණු ගුවන් යානය ඩකා හී පාසල් පරිශ්‍රයක් වෙත කඩා වැටී පසුව ගිනි ගෙන තිබේ.

ගුවන් අනතුර සම්බන්ධයෙන් එරට හමුදාව පවසා ඇත්තේ යානයේ යාන්ත්‍රික දෝශයක් හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවය.

එමෙන්ම යාන්ත්‍රික දෝශයක් ඇති වූ වහාම නියමුවා විසින් එම ගුවන් යානය අඩු ජනාකීර්ණ ප්‍රදේශයකට රැගෙන යාමට උත්සාහ කර ඇති බවද හමුදා බලධාරීන් පවසා තිබේ.

කෙසේ නමුත් අනතුර සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා මේ වන විට විමර්ශන කමිටුවක් පිහිටුවීමටද එරට හමුදාව පියවර ගෙන ඇත.

අනතුරින් තුවාල ලබා ඇති බොහෝ පිරිස් එම පාසලේ සිසුන් වන අතර එම සංඛ්‍යාව 50කට අධික බවත් පිළිස්සුම් තුවාල ලබා රෝහල් ගත කර සිටින බහුතරයක් සිසුන් අවුරුදු 09-14ත් වියේ පසුවන අය බවත් වාර්තා වේ.

මිය ගිය පිරිස අතර පාසලේ සිසුන් ඇතුළුව එම යානයේ ගුවන් නියමුවාද ඇතුළත් වන බව බංග්ලාදේශ මාධ්‍ය වාර්තා කර ඇත.

බංග්ලාදේශ රජය විසින් ජාතික ශෝක දිනයක්ද ප්‍රකාශයට පත් කිරීමට පියවර ගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here