දිවයිනවටා මුහුදු ප්‍රදේශවල තද සුළං පිළිබඳ රතු නිවේදනයක්

0
103

NEWSNOW | – කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව තද සුළං පිළිබඳ රතු නිවේදනයක් නිවේදනය කර තිබේ.

ඒ අනුව හලාවත සිට පුත්තලම හරහා මන්නාරම දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා ඉදිරි පැය 24 දක්වා බලපැවැත්වේ.

එම මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විසින් විට පැ.කි.මී 60 – 70 දක්වා ඉහළ යා හැකි අතර මුහුදු ප්‍රදේශ විටින් විට රළු හෝ ඉතා රළු විය හැකිය.

පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් 2.5 – 3ත් අතර වනු ඇත.

මේ හේතුවෙන් එම ප්‍රදේශ හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාව ඇති අතර
ඉදිරි පැය 24 සඳහා පුත්තලම හරහා මන්නාරම දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල යාත්‍රා නොකරන ලෙස නාවික සහ ධීවර ප්‍රජාවන්ට දැනුම්දෙයි.