රූපලාවන්‍යාගාරයක් තුළ කාන්තාවන් 7 දෙනෙකු සිහිසුන්ව ඇද වැටීම සම්බන්ධයෙන් පරීක්‍ෂණ

0
62
Woman lying on the floor at home, epilepsy, unconsciousness, faint, stroke, accident or other health problem, healthcare and medical concept

NEWSNOW | – මහනුවර, පේරාදෙණිය පාරේ රූපලාවන්‍යාගාරයක් තුළ සිහිසුන්ව ඇද වැටී කාන්තාවන් 7 දෙනෙකු රෝහල් ගත කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය පරීක්‍ෂණ ආරම්භ කර තිබේ.

ඊයේ(20) පෙරවරුවේ එම ප්‍රදේශයේ සිදුවූ විදුලිය ඇනහිටීමක් හේතුවෙන් ඔවුන් එම රූපලාවන්‍යාගාරයට විදුලි ජනක යන්ත්‍රයක් රැගෙනවිත් තිබේ.

ඉන් පසුව වායු සමීකරණ යන්ත්‍රය ක්‍රියාත්මක කර ඇති අතර විදුලි ජනක යන්ත්‍රයෙන් පිට වූ විෂ දුම ආග්‍රාහනය කිරීම හේතුවෙන් පුද්ගලයින් සිහිසුන් වී ඇති බවට පොලිසිය සැක කරයි.

වින්දිතයින් මහනුවර ජාතික රෝහලට සහ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇත. සිව් දෙනෙකු රූපලාවන්‍යාගාර සේවකයින් වන අතර ඉතිරි අය ගනුදෙනුකරුවන් වේ.

එම රෝගීන් තත්ත්වය දැන් සාමාන්‍ය අතට පත්ව ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.