ගලිගමුවේදී බස් රථ අනතුරකින් 21ක් රෝහලේ

0
107

NEWSNOW | – අද(21) අලුයමකෑගල්ල, ගලිගමුව ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් සහ ලංගම බස් රථයක් ගැටීමෙන් සිදුවූ අනතුරින් අවම වශයෙන් පුද්ගලයින් 21 දෙනෙකු තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි.

තුවාල ලැබූ මගීන් ප්‍රතිකාර සඳහා කෑගල්ල සහ වරකාපොළ රෝහල්වලට ඇතුළත් කර ඇත.

අනතුරට හේතුව සොයා ගැනීම සඳහා පරීක්ෂණ ආරම්භ කර ඇත.