NEWSNOW | – ලෝකයේ භාණ්ඩ වෙළඳ පරිමාව අනුව චීනය වසර 8ක් අඛණ්ඩ ව ලොව පෙරමුණේ පසුවෙයි.
එරට ‘14 වැනි පස්අවුරුදු සැලසුම් කාලය’(2021-2025) තුළ, චීනයේ විදේශ වෙළඳ පරිමාව අඛණ්ඩ ව පුළුල් වී ඇති අතර පසුගිය වසරේ භාණ්ඩ ගනුදෙනු වටිනාකම ඇ.ඩො. ට්‍රිලියන 6.16ක් බව වාර්තා වේ. එය පසුගිය වර්ෂයන්ට සාපේක්ෂව 32.4%කින් වැඩි වී තිබේ. ඒ අනුව අඛණ්ඩ ව වසර 8 ලොව පළමුවැනි ස්ථානයේ රැඳී සිටීමට හැකි වීම විශේෂත්වයකි. එමෙන්ම, සේවා වෙළඳාමේ පරිමාව පසුගිය වසරේ ප්‍රථම වරට ඇ.ඩො. ට්‍රිලියනය ඉක්මවා ලෝකයේ දෙවැනි ස්ථානය හිමි කර ගෙන තිබේ.
ව්‍යුහාත්මක වශයෙන් 2024 වසරේ චීනයේ අන්තර්ජාතික ඊ-වාණිජ්‍ය ආනයන හා අපනයන වටිනාකම චීන යුවාන් ට්‍රිලියන 2.7ක්. ගෙවී ගිය වසර 5 තුළ, එහි 67%ක වැඩිවීමක් දක්නට ලැබේ . එමෙන්ම, භාණ්ඩ වෙළඳාම සඳහා පසුගිය වසරේ අධි තාක්ෂණික නිෂ්පාදන අපනයනය 18.2%ක අගයක් ගන්නා බව ද වාර්තා වේ.