NEWSNOW| – වියට්නාමයේ සංචාරක බෝට්ටුවක් පෙරළීමෙන් පුද්ගලයින් 38 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මිය ගිය පිරිස අතුරින් 8 දෙනෙකු ළමුන් බවද වාර්තා වේ.
එමෙන්ම මෙම අනතුරින් තවත් පුද්ගලයින් කිහිප දෙනෙකුද අතුරුදන්ව ඇතැයි එම මාධ්‍ය වාර්තා කර ඇත.
අයහපත් කාලගුණය හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වී ඇති අතර අනතුර සිදුව ඇත්තේ එරට උතුරු ප්‍රදේශයේ ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වන හා ලොන්ග් බොක්කෙහිය.
විදෙස් මාධ්‍ය වාර්තා කර ඇති පරිදි මගීන්ගෙන් බහුතරයක් හැනොයි අගනුවර සිට පැමිණි වියට්නාම් පවුල් බවද සඳහන් වේ.
අනතුරින් තවත් පුද්ගලයින් 11 දෙනෙකු දිවි ගලවාගෙන ඇති අතර අතුරුදන් වුවන් සෙවීමට අධික වර්ෂාව බාධාවක් වී ඇති බවද එරට ගලවා ගැනීමේ කණ්ඩායම් පවසා තිබේ.
අනතුරට පත්වන විට මෙම බෝට්ටුව තුළ පුද්ගලයින් 53 දෙනෙකු සිට ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර තිබේ.