2025 ලෝක බුද්ධිමය දේපළ ගෝලීය සම්මානය හිමි කර ගත් ආචාර්ය නදීශා චන්ද්‍රසේන දිවයිනට

0
45

NEWSNOW | –  ලෝකයේ පළමු වැනි තට්ටු දෙකේ සුහුරු  කාණුව නැමති නවෝත්පාදන නිර්මාණය කර  ” 2025 ලෝක බුද්ධිමය දේපළ ගෝලීය සම්මානය හිමි කර ගත් ආචාර්ය නදීශා චන්ද්‍රසේන මහත්මිය ඊයේ (19) දින රාත්‍රී යේ දිවයිනට පැමිණියාය.

වැසි දින වල නගර ආශ්‍රිතව කාණු පද්ධති, ප්ලාස්ටික් සහ පොලිතීන් සිර වීම නිසා නිතර ජල ගැලීම් ඇති ඇතිවන අතර මීට විසඳුමක් ලෙස ඇය විසින් මෙම ස්මාර්ට් කානු පද්ධතිය නිර්මාණය කර තිබුණි.

මෙම ස්මාර්ට් තට්ටු දෙකේ  කාණුව මගින් උඩ තට්ටුවේ ගසා ගෙන යන ප්ලාස්ටික් සහ පොලිතීන් ඉවත් කරන අතර දෙවන තට්ටුව මගින් වැසි වතුර නිදහසේ ගලා ගෙන යාමට අවස්ථාව සළසා දෙනු ලබයි.

එමගින් මෙම ස්මාර්ට් තට්ටු දෙකේ කාණුව ගංවතුර පාලනයට මහත් සේවාවක් ලොව පුරා ඉටු කරනු ඇත.

මෙම සම්මාන උළෙල ලෝක බුද්ධිමය දේපළ සංවිධානය විසින් ජිනීවා නුවර පවත්වා තිබූ අතර මේ සදහා ලෝකයේ රටවල් 95 ක නවෝත්පාදන නිර්මාණ 780 ක් ඉදිරිපත් කර තිබුණි.

දිවයිනට පැමිණි ආචාර්ය නදීශා චන්ද්‍රෙස්න මහත්මිය මෙහිදී අදහස් දක්වමින් පැවසුවේ මෙම කාණුව මගින් නගර ආශ්‍රිතව පවතින විවෘත කාණු තුළ ප්ලාස්ටික් සහ පොලිතින් සිර වීමෙන් නිතර ජල ගැලීම් ඇතිවීම වැළැක්වීම සඳහා සාර්ථක විසඳුම් ලබා දී ඇති බවය.