කටුනායක ගුවන් තොටුපොළ අවටප්‍රදේශයේ සරුංගල් යවන ජනතාවට දැනුම් දීමක්

0
33

ගුවන් මගීන්ගේ ජීවිතවලට දැඩි අවදානම් මතුවන නිසා කටුනායක ගුවන්තොටුපොළ කලාපය තුළ සරුංගල් යැවීමෙන් වළකින ලෙස ගුවන්තොටුපොළ කළමනාකරණය  ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

එහි අංශ ප්‍රධානී අරුණ රාජපක්ෂ මහතා  පවසා සිටියේ, මෙය නොසලකා හරින ඇතැම් පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවය.

“ගුවන්තොටුපොළ අවට සරුංගල් යැවීම මගින් ගුවන් යානාවලට, ගුවන් මගීන්ගේ ජීවිතවලට දැඩි අවදානම් තත්ත්වයක් ඇතිවෙලා තියෙනවා.

එමනිසා අපි ඉල්ලා සිටිනවා ගුවන්තොටුපොළ අවට ප්‍රදේශය තුළ සරුංගල් යැවීමෙන් වළකින ලෙස.

ඒ වගේම අඩි 300ට වඩා වැඩි ඉහළකින් සරුංගල් යැවීම සිදුවුවහොත් ඒ සඳහා නිත්‍යනුකූල ක්‍රියාමාර්ග ගැනීමට සිදුවෙනවා” යනුවෙන් පැවසීය.