NEWSNOW | – දකුණු ආසියාවේ පළමු ඒකාබද්ධ නිවාඩු නිකේතනය වන City of Dreams Sri Lanka හි මහා විවෘත කිරීමේ උත්සවයට බොලිවුඩ් සුපිරි තරුව ෂාරුක් ඛාන් සහභාගී නොවන බව ඔහුගේ ඒජන්සිය වන විස්ක්‍රැෆ්ට් නිවේදනය කරයි.
එම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තෙකු ලෙස සහභාගී වීමට නියමිතව සිටි ෂාරුක්, ශ්‍රී ලාංකික මහජනතාවට සහ උත්සව සංවිධායකයින්ට සිය කෘතඥතාව පළ කරමින් සහභාගී වීමට නොහැකි වීම ගැන කනගාටුව පළ කර ඇත.
ඔහු නොපැමිණ සිටියද, ඒ සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වන්නේ කවුරුන්දැයි හෙළි කරන බවද සඳහන් වේ.