NEWSNOW| – ලෝක තරුණ කුසලතා දිනය සැමරීම හා සමගාමීව FPA ශ්‍රී ලංකා පුත්තලම සුව සේවා මධ්‍යස්ථානය කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා එක්ව අන්තර් පාසල් චිත්‍ර තරඟයක් කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ දී සංවිධානය කරන ලදි.
මෙම මුලපිරීමේ අරමුණ වූයේ ප්‍රජනන සෞඛ්‍යය, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ තරුණ බලගැන්වීම ඇතුළු අත්‍යවශ්‍ය ජීවන කුසලතා පිළිබඳ දැනුවත්භාවය වැඩි කරන අතරම පාසල් සිසුන් අතර නිර්මාණශීලිත්වය සහ ස්වයං ප්‍රකාශනය ප්‍රවර්ධනය කිරීමයි.