ධර්මශක්ති සංවිධානයේ සමාජිකයෝ දකුණු කොරියාවේ අන්තර් ආගමික සමුලුවකට සහභාගී වෙති

0
136

NEWSNOW | –  මෙරට අන්තර් ආගමික සහජීවනය වෙනුවෙන් වසර ගණනාවක සිට විශාල මෙහෙවරක් කරමින් සිටින ධර්ම ශක්ති සංවිධානය සඳහා දකුණු කොරියාවේ පැවැත්වෙන අන්තර් ආගමික සමුලුවට විශේෂ ආරාධනයක් ලැබී තිබේ.

ඒ අනුව එම සංවිධානයේ ගරු සමසභාපති අමරපුර නිකායේ මහානායක අතිපූජ්‍ය මාදම්පාගම අස්සජි තිස්ස හිමියෝ, එහි ලේකම් අනුර පෙරේරා පියතුමා, භාණ්ඩාගාරික ෆිර්දවුස් මන්බයී මවුලවිතුමා සහ සාමාජික ධර්ෂක ශර්මා කුරුක්කල්තුමා අද (14) සිට 18 වනදා දක්වා දකුණු කොරියාවේ සෝල් අගනුවරදී පැවැත්වෙන අන්තර් ආගමික සමුලුව සඳහා සහභාගී වී සිටිති.