වවුනියාවේදී පොලීසිය හා ප්‍රාදේශවාසීන් අතර ගැටුමක්

0
8

වව්නියාව කූමාංකුලම්  ප්‍රදේශයේදී  ප්‍රදේශවාසීන් නොසන්සුන්කාරී ලෙස හැසිරෙමින් පොලීසිය සමග උණුසුම් තත්ත්වයක් හටගෙන ඇත.

ඊට හේතුව වී ඇත්තේ කූමාංකුලම්  ප්‍රදේශයේ මත්පැන්හළක් ආසන්නයේදී රථවාහන පොලිස් නිලධාරීන් දෙදෙනෙකු විසින් අණ නොතකා ධාවනය කළ යතුරුපැදියක් ලුහුබැඳ ගොස් නතර කිරීමට උත්සාහ කිරීමත් සමඟ පලාගිය යතුරුපැදිය පෙරළීමෙන් එහි ගමන්ගත් පුද්ගලයා ජීවිතක්ෂයට පත්වීමයි.

මෙලෙස මියගොස් ඇත්තේ කූමාංකුලම් ප්‍රදේශයේ පදිංචි රාමසාමි ඇන්තෝනිපිල්ලේ නමැති 58 හැවිරිදි පුද්ගලයෙකි.

ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ මෙම මරණය අනතුරක් නොව ඝාතනයක් බැවින් අදාළ පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගත යුතු බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here