විදේශ කටයුතු ඇමති හා පකිස්ථානයේ නියෝජ්‍ය අගමැති අතර ද්විපාර්ශවික හමුවක්

0
106

NEWSNOW| –  ක්වාලාලම්පූර්හි පැවැත්වෙන 58 වන ආසියාන් කලාපීය සංසදයේ අමාත්‍ය රැස්වීමට සහභාගී වීමට සමගාමීව, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පකිස්ථානයේ නියෝජ්‍ය අගමැති සහ විදේශ කටයුතු අමාත්‍ය සෙනෙට් සභික මොහොමඩ් ඉෂාක් ඩාර් මහතා සමඟ ද්විපාර්ශ්වික හමුවකට සහභාගී වී තිබේ.

ශ්‍රී ලංකාව සහ පකිස්ථානය අතර පවත්නා දිගුකාලීන හා ශක්තිමත් සබඳතා පිළිබඳව අවධානය යොමු කරමින් ඉහළ මට්ටමේ හුවමාරු සහයෝගීතාව, ආර්ථික සහයෝගීතාව, ආගමික සංචාරක සහ අධ්‍යාපනික හවුල්කාරිත්වයන් ඇතුළු පුළුල් පරාසයක සහයෝගීතාව වැඩි දියුණු කිරීම කෙරෙහි මෙම හමුවේ දී සාකච්ඡා කර ඇත.

අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන කලාපීය සහ ගෝලීය කරුණු පිළිබඳව ද අප අදහස් හුවමාරු කර ගතිමු.
මෙම හමුව දෙරට අතර ඓතිහාසික හා මිත්‍රශීලී සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම කෙරෙහි දෙරටේ උනන්දුව මෙහිදී නැවත තහවුරු කරන ලදී.