NEWSNOW | – මොහොමඩ් ෂෙරිෆ් අබ්තුල් වසීත් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් (SLMC) ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කථානායක (ආචාර්ය) ජගත් වික්‍රමරත්න මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
ඒ මුහම්මතු සාලි නලීම්ගේ ඉල්ලා අස්වීමෙන් පසු පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහාය.
ශ්‍රී ලංකා මැතිවරණ කොමිසම විසින් අබ්තුල් වසීත් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත් වූ බව තහවුරු කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබුවේ ඔහුගේ නම SLMC මහලේකම්වරයා විසින් කොමිසමට ඉදිරිපත් කිරීමෙන් පසුවය.
2025 පළාත් පාලන මැතිවරණයට එරාවුර් නගර සභාවට තරඟ කිරීම සඳහා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී මොහොමඩ් සාලි නලීම් මාර්තු 14 වන දින තම ධුරයෙන් ඉල්ලා අස්විය.
දසවන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු ලෙස නලීම් දෙසැම්බර් 03 වන දින කථානායකවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේය.