ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර පද්ධතිය ක්‍රියාවිරහිත වෙයි

0
17

NEWSNOW| –  ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර පද්ධතිය තාවකාලිකව ක්‍රියා විරහිව වී ඇතැයි ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම ආයතනය මේ බව පැවසීය.

පසුගිය 03 වැනි දින සිට ඇති වූ තාක්ෂණික ගැටලුවක් හේතුවෙන් වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ සේවාවන් අත්හිටුවා ඇති බවය.

ඒ අනුව මෙම සේවාවන් එළැඹෙන 09 වැනි දින දක්වා ක්‍රියා විරහිතව පවතින බවද එම ආයතනය පවසයි.

ක්‍රියා විරහිත වී ඇති මෙම තත්ත්වය කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමට එම ආයතනය කටයුතු කරමින් පවතින බවද එම ආයතනය දැනුම් දෙයි.

එසේම සේවාවන් යථා තත්ත්වයට පත් වූ පසු මේ සම්බන්ධව නිල වශනේ නිවේදනය කරන බවද එම ආයතනය සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here