නැගෙනහිර පළාත් සභා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. පුෂ්පකුමාර් අත්අඩංගුවට

0
103

NEWSNOW| –  TMVP පක්ෂයේ අම්පාර දිස්ත්‍රික් සංවිධායක, එම එසේම නැගෙනහිර පළාත් සභාවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. පුෂ්පකුමාර් නොහොත් ඉනිය භාරතී අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ නැගෙනහිර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය සුබ්‍රමනියම් රවීන්ද්‍රනාත් 2006 දෙසැම්බර් 15 වන දින කොළඹදී පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීමේ චෝදනාව මතය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට, දෙමළ ජනතා විමුක්ති කොටි සංවිධානයේ නායක සහ හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේෂතුරේ චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් පසුගිය අප්‍රේල් 8 වන දින මඩකලපුවේ පිහිටි ඔහුගේ කාර්යාලයේදී කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මාස 03ක කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලදී.

පිල්ලෙයාන්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලින් අනාවරණය වූ කරුණු මත ඉනිය භාරතී හෙවත් කුමාරස්වාමි පුෂ්පකුමාර් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ..