කදුරුවෙල ක්වාසි අධිකරණයේ විනිසුරුවරයා සහ ලිපිකරුවෙකු අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට

0
146

NEWSNOW | – කදුරුවෙල ක්වාසි අධිකරණයේ විනිසුරුවරයා සහ ලිපිකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, රුපියල් ලක්ෂයක මුදලක් අල්ලස් වශයෙන් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.

අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් ඔවුන් අද (04) අත්අඩංගුවට ගෙන තිබේ.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් සඳහන් කළේ දික්කසාද නඩුවක් සම්බන්ධයෙන් කාන්තාවට වාසිදායක ලෙස තීන්දුව ලබාදීම සඳහා මෙම අල්ලස් මුදල ඉල්ලා ඇති බවය.

සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ එම කාර්යාල පරිශ්‍රයේදී වන අතර ඔවුන් කදුරුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.