NEWSNOW| – එරට වේලාවෙන් උදෑසන 7.07ට පිලිපීනයේ මින්ඩනාඕ හී භූ කම්පනයක් හට ගෙන තිබේ.
විදේශ මාධ්‍ය පැවසුවේ රික්ටර් මාපකයේ ඒකක 6.1ක ප්‍රබලත්වයෙන් යුතුව එම භූ කම්පනය හටගෙන ඇති බවයි.
භූ කම්පනය එරට වේලාවෙන් අද (28) උදෑසන 7.07ට පමණ හටගෙන ඇත.
ඩාවෝ ඔක්සිඩෙන්ටල් පළාතේ සිට කිලෝමීටර් 70ක් පමණ දුරින් කිලෝමීටර් 101ක් ගැඹුරින් මෙම භූ කම්පනය හටගෙන ඇත.
පිලිපීන ගිනිකඳු හා භූ කම්පන විද්‍යා ආයතනය භූ කම්පාව වාර්තා කර ඇති අතර කිසිදු සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නොමැත.