NEWSNOW | – පුත්තලම මහ නගර සභාවට සමගි ජන බලවේගය නියෝජනය කළ සභිකයෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එම පක්ෂය තීරණය කරයි.
ඒ එම මහ නගර සභාවේ සභාපති සහ උප සභාපති පත් කිරීමේදී පක්ෂයේ තීරණයට පටහැනිව කටයුතු කිරීම හේතුවෙනි.
ඒ අනුව සමගි ජන බලවේගය පක්ෂයේ මහලේකම් රංජිත් බණ්ඩාර මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයේ සඳහන්ව ඇත්තේ ඒ අනුව සිය පක්ෂයේ පුත්තලම මහ නගර සභාවේ මන්ත්‍රීවරයෙකු වන එන්.එම්.එන් නුස්කි මහතාගේ පක්ෂ සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටවූ බවය.