ටොෆි වර්ගයක් ආහාරයට ගෙන විෂ වීමෙන් පාසල් සිසුන් පිරිසක් රෝහලේ

0
107

NEWSNOW | –   අලෙවියට තබා ඇති ටොෆි වර්ගයක් ආහාරයට ගෙන විෂ වීමෙන් ගොකරැල්ල – පොල්ගොල්ල ප්‍රදේශයේ පාසලක සිසුන් ඇතුළු 29 දෙනෙකු රෝහල්ගත කර තිබේ .

ඔවුන් කුරුණෑගල ශික්ෂණ රෝහලට සහ ගොකරැල්ල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති බව වාර්’ත වේ.

පාසල අසල පිහිටි කුඩා වෙළඳසලකින් මෙම ටොෆි වර්ගය මොවුන් මිලදී ගෙන ඇත. රෝහල්ගත කළ පිරිස අතර ගුරුවරුන් තිදෙනෙකු සහ සිසුවෙකුගේ මවකද සිටින බවයි පොලිසිය පවසයි.

ඔවුන්ට ක්ලාන්තය, ශරීරයේ කැසීම වැනි රෝග ලක්ෂණ හටගෙන තිබේ.

මේ සම්බන්ධයෙන් එම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විමර්ශන ආරම්භ කර ඇති බවයි පොලිසිය සදහන් කරයි.