දුම්රිය තාක්ෂණ ශිල්පීන් පැය 24ක වර්ජනයක

0
136

NEWSNOW | – දුම්රිය තාක්ෂණ ශිල්පීන් සහායකයින් අද (26) පෙරවරුවේ සිට සංකේත වර්ජනයක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ. ඒ අතිකාල ගැටලුවක් මුල්කරගනිමිනි.

අද පෙරවරුවේ 7.00 වූ වර්ජනය පැය 24ක කාලයක් ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා පොදුජන දුම්රිය සේවක සංගමය පවසයි.

එහි ලේකම් නදීර මනෝජ් මහතා පැවසුවේ සිය ගැටලුව සම්බන්ධයෙන් බලධාරීන් දැනුවත් කළ ද මෙතෙක් ඒ සඳහා විසඳුම් ලැබී නොමැති බවයි.