ඉරානයේදී සැක කටයුතු පුද්ගලයින් 700 දෙනෙකු අත්අඩංගුවට

0
167

NEWSNOW| –   සැකකටයුතු පුද්ගලයින් 700 දෙනෙකු ඉරානය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

ඒ ඊශ්‍රායලය වෙනුවෙන් ඔත්තු බැලීමේ චෝදනාව මතය.

එම පුද්ගලයින් පසුගිය දින 12ක කාලය තුළ සිදුකළ මෙහෙයුම් වල දී අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

තවද අදාළ මෙහෙයුම් අතරතුර කුඩා ඩ්‍රෝන යානා 10,000 කට අධික ප්‍රමාණයක් ද ඉරාන ආරක්ෂක අංශ භාරයට ගෙන ඇති බව එම වාර්තාවල දැක්වේ.