සටන් විරාමය ගැන ඉරාන ජනපතිගේ ස්ථාවරය

0
150

NEWSNOW| –  අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැදිහත් වී ප්‍රකාශයට පත් කරන ලද සටන් විරාමයට තමන් ගරු කරන්නේ ඊශ්‍රායලය ද එම කොන්දේසි පිළිපදින්නේ නම් පමණක් බව ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් පවසා තිබේ

ඔහු මේ බව පවසා ඇත්තේ මැලේසියානු අගමැති අන්වර් ඉබ්‍රාහිම් සමඟ දුරකථන සංවාදයකදීය. පෙසෙෂ්කියන් පවසා ඇත්තේ“සියොන්වාදී පාලනය සටන් විරාමය කඩ නොකරන්නේ නම්, ඉරානය ද එය කඩ නොකරනු ඇත,” යනුවෙනි.