එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් අධිකරණ ඇමති හමුවෙයි

0
13

NEWSNOW | – එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්’ක් (Volker Türk) මහතා සහ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්’ෂණ නානායක්කාර මහතා අතර හමුවක් අද පස්වරුවේ ( 24) කොළඹදී පැවැත්විණි.

ගරු අග්‍රවිනිශ්චයකාර ජනාධිපති නීතිඥ මුර්’දෘ ප්‍රනාන්දු, නීතිපති ජනාධිපති නීතිඥ, පාරින්ද රණසිංහ සහ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ නෙරින් පුල්ලේ, ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නිත්‍ය සම්බන්ධීකාරක Marc-André Franche යන මහත්ම මහත්මීන් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිලධාරීන් පිරිසක්ද මෙම අවස්ථාවට එක් විය.