කඩවත නගරයේ තෙමහල් වෙළෙඳසැලක ගින්නක්

0
113

NEWSNOW| – කඩවත නගරයේ පිහිටි තෙමහල් වෙළෙඳසැලක  ගින්නක් හටගෙන තිබේ.

ඒ අද රාත්‍රී 7.30 ට පමණය.

මෙම ගින්නෙන් එම වෙළෙඳ සැළ සම්පූර්ණයෙන් විනාශ වී ඇති බව පොලීසිය කියයි.

ගින්න මැඩ පැවැත්වීමට ගම්පහෙන් සහ කොළඹින් ගිනි නිවීමේ රථ පැමිණ ඇත.

ගින්න පැතිරීම මේ වන විට පාලනය කර ඇත.

මෙම ගින්නත් සමඟ කඩවත සහ ඇල්දෙණිය විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන් පැමිණ එම ස්ථානයේ ආරක්ෂාව තහවුරු කර තිබේ.

ගින්න හේතුවෙන් කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ කඩවත නගරය අවට දැඩි රථ වාහන තදබදයක්ද පවතී.