ෆෝඩෝ, නටාන්ස් සහ එස්ෆහාන් යන ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථාන 3කට අමෙරිකානු ප්‍රහාර

0
179

NEWSNOW| –  විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ෆෝඩෝ, නටාන්ස් සහ එස්ෆහාන් ඇතුළු ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන තුනකට අමෙරිකානු ප්‍රහාර එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

රොයිටර් පුවත් සේවයට අනුව ඉරානයට එල්ල කළ අමෙරිකානු ප්‍රහාරවලට B-2 බෝම්බ හෙලන යානා සම්බන්ධ වූ බවද වාර්තා වේ.

B-2 බෝම්බ ප්‍රහාරක යානා, අමෙරිකාවේ බංකර් බ්ලාස්ටර් බෝම්බ රැගෙන යා හැකි එකම ගුවන් යානා වේ.

ඉරාන ප්‍රහාරයට අමෙරිකාව භාවිත කර ඇත්තේද මෙම ගුවන් යානා බවද වාර්තා වේ.