ඉරානයට භූ කම්පනයකින් බලපෑම්

0
146

NEWSNOW| – උතුරු ඉරානයට රික්ටර් මාපක 5.1 භූමිකම්පාවක් සිදුව ඇත.

අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසන්නේ එරට වේලාවෙන් ඊයේ (20) රාත්‍රියේ මෙය සිදුව ඇති බවය.

ඉරාන මාධ්‍ය වාර්තාවන්ට අනුව සෙම්නාන් පළාතට කිලෝමීටර් 37ක් (සැතපුම් 23) නිරිත දෙසින්, කිලෝමීටර් 10ක් (සැතපුම් 6) ගැඹුරේ මෙය සිදුව තිබේ.

සෙම්නාන් පළාතේ සෝර්කේ නගරය අවට සෙලවී ඇති බව සඳහන් නමුත් ඉන් සිදුවූ හානි පිළිබඳ මෙතෙක් වාර්තා වී නොමැත.

සෝර්කේ සිට කිලෝමීටර් 150ක් පමණ දුරින් පිහිටි ටෙහෙරාන් අගනුවරට ද මෙම කම්පනය දැනුණු බවද වාර්තා වේ.