ඊශ්‍රායලයේ සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයින්ට දැනුම් දීමක්

0
103

NEWSNOW | – ඊශ්‍රායලයේ සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයින්ට ඕනෑම අවස්තාවක එරටින් පිටවීම සඳහා පහසුකම් සැලසීමට සුදානම් බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසයි.

ඊයේ (19) දිනයේ පමණක් සිව්දෙනෙකු ශ්‍රී ලංකාව බලා පිටත්වීමට පහසුකම් සලසා ඇත. ඊශ්‍රායලයේ නිවාඩු දින වන අද (20) සහ හෙට (21) තානාපති කාර්’යාලයද විවෘතව පවතින බව දැනුම් දෙයි.

“ශ්‍රී ලංකාවට ඇවිත් ඉන්න අය අනවශ්‍ය බියක් ඇති කරගත යුතු නෑ. යුද්ධය ආරම්භ වූ ජූනි 14 වන දා සිට යම් අයෙකුගේ වීසා කාලය කල් ඉකුත් වෙලා තියෙනවා නම් ඔවුන්ට නැවතත් ජාත්‍යන්තර ගුවන්ගමන් ආරම්භ කළ විට ගුවන් සමාගම්වලට දැනුම්දෙන බව දැනුම්දීලා තිබෙනවා. ඒ නිසා වීසා කල් ඉකුත් වුණත් රටට ඇතුළු වෙන්න අවසර දෙන්න ටිකට් පත් නිකුත් කරන්න කියලා. ඒ නිසා ඔවුන්ට නැවත පැමිණීමේ හැකියාව තියෙනවා.

ඊයේ දිනයේ දී ශ්‍රී ලාංකිකයින් 4 දෙනෙක් තානාපති කාර්යාලයට පැමිණියා, ඔවුන්ට නැවත ශ්‍රී ලංකාවට යාමට අවශ්‍යයි කියලා. ඒ අනුව අපි කයිරෝවල තියෙන අපේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට දැන්වූවා. දේශසීමා හරහා යන්න අවසර දෙන්න කියලා අපි දැනුම් දුන්නා. මම හිතනවා ඉදිරි දිනවල ලාංකිකයින් මේ වගේ ලංකාවට යන්න බලාපොරොත්තු වෙයි කියලා. ඒ සියලුමදෙනාට තානාපති විදියට උදව් කරන්න කැමතියි. ඊශ්‍රායලයේ අද සහ හෙට නිවාඩු වුවත් අපි තානාපති කාර්යාලය විවෘතව තබා තියෙනවා මෙවැනි අයට උදව් කිරීම සඳහා.”