නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වෙනුවෙන් නිල මාර්’ගෝපදේශ ලබාදීම අගෝස්තුවේදී

0
18

NEWSNOW | – 2026 දී ආරම්භ කිරීමට නියමිත නව අධ්‍යාපන පරිවර්’තන මුලපිරීම සඳහා 2025 අගෝස්තු මාසයේදී නිල මාර්’ගෝපදේශ නිකුත් කරන බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය පුහුණු අමාත්‍ය, අගමැතිනී හරිනි අමරසූරිය මහත්මිය පවසයි.

ඊයේ(16) මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ (NIE) පැවති රැස්වීමකදී මේ පිළිබඳව සාකච්ඡා කළ බව අගමැතිවරිය පැවසුවාය. ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට සහ ඒ අනුව ගුරුවරුන් පුහුණු කිරීමට අවශ්‍ය පියවර පිළිබඳව සාකච්ඡාවේදී අවධානය යොමු වූ බව ඇය පැවසුවාය.

මෙහිදී ඇය පැවසුවේ පහත සඳහන් ප්‍රතිසංස්කරණ ක්‍රමයෙන් හඳුන්වා දෙන බවය.

2026 දී 1 සහ 6 ශ්‍රේණි සඳහා නව විෂයමාලා හඳුන්වා දීම.
2028 දී 10 ශ්‍රේණිය සඳහා නව විෂයමාලාවක් හඳුන්වා දීම
නව විෂයමාලාව යටතේ පළමු අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය 2029 දී පැවැත්වීම
9 ශ්‍රේණියේ සිට වෘත්තීය අධ්‍යාපනය හඳුන්වා දීම
ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය විෂයමාලා සංශෝධනය, ගුරු පුහුණුව, යටිතල පහසුකම් සහ පරිපාලනය, නිසි තක්සේරු යාන්ත්‍රණ සහ මහජන සහභාගීත්වය මත පදනම් වන බව අගමැතිවරිය පැවසීය.

මෙම පරිවර්’තනය සඳහා හොඳින් සූදානම් ගුරුවරුන් බිහි කිරීම NIE හි වගකීම බව ඇය අවධාරණය කළාය.

නිසි තක්සේරු රාමුවක් හරහා මෙම වැඩසටහන් ක්‍රියාත්මක කිරීම අඛණ්ඩව අධීක්ෂණය කර ඇගයීමට ලක් කරන බව සහතික කරන ලෙස ද අගමැති අමරසූරිය නිලධාරීන්ට උපදෙස් දුන්නාය.