NEWSNOW | – ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සියලු දෙනාටම වහාම ටෙහෙරාන් නුවරින් ඉවත් වන ලෙස අනතුරු ඇඟවීමක් කර තිබේ. තවද ඔහු අවධාරණය කර ඇත්තේ ඉරානය, එක්සත් ජනපදය සමඟ න්‍යෂ්ටික ගිවිසුමක් අත්සන් කළ යුතුව තිබූ බවය.
“ඉරානයට න්‍යෂ්ටික අවියක් තිබිය නොහැක. මම එය නැවත නැවතත් කීවෙමි! සෑම කෙනෙකුම වහාම ටෙහෙරානයෙන් ඉවත් විය යුතුය!” ඔහු Truth Social හි සටහනක් තබමින් මේ බව පවසා ඇත.
මෙම ප්‍රකාශය කර ඊට ටික වේලාවකට පසු ටෙහෙරාන් අගනුවරින් පිපිරීම් හඬක් ඇසුණු බව ද විදෙස් මාධ්‍ය වාර්’තා කරයි.