නගරාධිපති තෝරන්න රහස් ඡන්දයක්

0
20

NEWSNOW | – කොළඹ මහ නගර සභාවේ පළමු සභා වාරය මේ වන විට පැවැත්වේ.

එහි දී නගරාධිපතිවරයා සඳහා වන ජාතික ජන බලවේගය නියෝජනය කරමින්, ව්‍රායි කැලී බල්තසාර්’ගේ නම යෝජනා වූ අතර විපක්ෂය නියෝජනය කරමින් රීසා සරුක්ගේ නම යෝජනා වුණි.

ඒ අනුව නගරාධිපතිවරයා තෝරා ගැනීම සඳහා ඡන්ද විමසීමක් කොළඹ නාගරික කොමසාරිස්වරිය විසින් යෝජනා කළ අතර ඊට ජාතික ජන බලවේගය විසින් රහස්‍ය ඡන්දයක් සහ සමගි ජන බලවේගය විසින් විවෘත ඡන්දයක් මෙහිදී ඉල්ලා සිටියේය.

මෙහිදී පවත්වන්නේ රහස්‍ය ඡන්දයක් ද විවෘත ඡන්දයක් යන්න බස්නාහිර පළාත් පාලන කොමසාරිස් සාරංගිකා ජයසුන්දර මහත්මිය විමසූ විට සභාව තුළ උණුසුම් තත්ත්වයක් මතු විය.

කෙසේ වෙතත් පසුව රහස් ඡන්දයක් පැවැත්වීමට යෝජනා විය. ඒ අනුව මේ වනවිට එම රහස් ඡන්දය පැවැත්වේ.