NEWSNOW | – ඊශ්‍රායල ජනාධිපති අයිසැක් හර්’සේග් ඉරිදා මධ්‍යම ඊශ්‍රායලයේ බැට් යම් හි මාරාන්තික ඉරාන මිසයිල ප්‍රහාරයක් සිදු වූ ස්ථානයට ගියේය.
අද (15) අලුයම 2.30 ට පමණ නේවාසික ගොඩනැගිල්ලකට සෘජුවම පහර දුන් අතර, එහිදී වයස අවුරුදු 10 ක පිරිමි ළමයෙකු ඇතුළු අවම වශයෙන් පුද්ගලයින් හතර දෙනෙකු මිය ගියේය.
දුසිම් ගනනක් තුවාල ලැබූ අතර, ඊශ්‍රායල රජයේ මාධ්‍ය කාර්’යාලයට අනුව, අතුරුදහන් වූවන් සෙවීම සඳහා ගලවා ගැනීමේ හමුදා දිගටම කටයුතු කරමින් සිටියහ.
“සියලු වයස්වල සිවිල් වැසියන්, සියලු පසුබිම්වල – යුදෙව්වන් සහ මුස්ලිම්වරුන්, තරුණ හා මහලු, ප්‍රවීණ ඊශ්‍රායල ජාතිකයන් සහ නව සංක්‍රමණිකයන්, සමූලඝාතනයෙන් දිවි ගලවා ගත් සහ කුඩා දරුවන්, අවාසනාවකට මෙන්, අපගේ නගරවලට එරෙහි බිහිසුණු ඉරාන ප්‍රහාරයකින් මිය ගියහ,” හර්’සේග් එම ස්ථානයේදීම පදිංචිකරුවන් සහ ගලවා ගැනීමේ සේවකයින් හමුවෙමින් පැවසීය.
“මැද පෙරදිග යථාර්’ථය වෙනස් කිරීම” ඊශ්‍රායලයේ අරමුණ බව ජනාධිපතිවරයා තවදුරටත් පැවසූ අතර, කැනඩාවේ රැස්වන G7 රටවල නායකයින්ගෙන් ඔහු ඉල්ලා සිටියේ ඊශ්‍රායලය පිටුපස සිටගෙන කලාපය “සාමය..සංවාදය … සහජීවනය සහ සහයෝගීතාවය” කරා ගෙන යන ලෙසයි.
ඊශ්‍රායලය විසින් ඉරානය වෙත එල්ල කළ ප්‍රහාරවලින් ළමුන් ඇතුළු පුද්ගලයින් 128 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.
ඉරාන සෞඛ්‍ය අමාත්‍යාංශය උපුටා දක්වමින් ඉරාන මාධ්‍ය වාර්තා කර ඇත්තේ ප්‍රහාරවලින් පුද්ගලයින් 900 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවය.