ජනපති යළි දිවයිනට

0
106

NEWSNOW| –  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය සිව් දින ජර්මන් නිල සංචාරය නිමා කර අද (15) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා පැවසුවේය.

ඔහු සමග මෙම සංචාරය සදහා එක් වී සිටි විදේශ කටයුතු , විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.ඔවුන්  අද උදෑසන 08.58 ට දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 664 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

(කටුනායක ටී.කේ.ජී.කපිල )