ඉරාන සන්නද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මොහොමඩ් බගරි ඝාතනයට ලක්වෙයි

0
152

NEWSNOW | – ඊශ්‍රායල් ප්‍රහාර හමුවේ ඉරාන සන්නද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මොහොමඩ් බගරි ඝාතනයට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්’තා කරයි.

අද අලුයම ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් ඉරාන විප්ලවාදී ආරක්ෂක බලකායේ ප්‍රධාන අණදෙන නිලධාරි හොසේන් සලාමි මියගියා.

ඉරාන රාජ්‍ය මාධ්‍ය ඒ බව තහවුරු කර ඇති අතර මිය ගිය පිරිස අතර තවත් ජ්‍යෙෂ්ඨ හමුදා නායකයින් කිහිපදෙනෙකු ද සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්’තා කළේය.

එසේම ඉරානයේ ටෙහෙරානයේ අගනුවර ඇතුලු ස්ථාන කිහිපයක් වෙත ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කිරීමෙන් පසු සිය ගුවන් කලාප වසා දැමීමට ඊශ්‍රායලය පියවර ගෙන ඇත.

ඉරානය ද ටෙහෙරාන්හි පිහිටි සිය ගුවන්තොටුපළ වසා දමා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්’තා කළේය.

ඉරානය විසින් සිදු කරනු ලබන න්‍යෂ්ටික ක්‍රියාකාරකම්වලට එරෙහිව මෙම ප්‍රහාරය එල්ල කළ බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කළේය.