වැඩතහනමට ලක්ව ඇති කාලසීමාව තුළ බන්ධනාගාර කොමසාරිස් ජනරාල්ට වැටුපෙන් අඩක් ගෙවීමේ තීරණයක්

0
137

NEWSNOW | – රක්ෂිත බන්ධනාගාරගත කර සිටින බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතාගේ වැටුප, ඔහුගේ වැඩතහනමට ලක්ව ඇති කාලසීමාව තුළ අඩක් ගෙවීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කරයි.

අද (11) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව සඳහන් කළේය.

එමෙන්ම මේ වනවිට අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එච්.එම්. එන්. සී ධනසිංහ මහතා නිත්‍ය තනතුරේ රාජකාරීවලට අමතරව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තනතුරේ වැඩබැලීම සඳහා පත්කර තිබේ.

පසුගිය ජූනි 9 වන දා තුෂාර උපුල්දෙණිය මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගනු ලැබීය.