පලස්තීන ජනසංහාරයට එරෙහිව රටවල් 32 ක ක්‍රියාකාරීන් ගෝලීයව පෙළ ගැසෙයි

0
161

NEWSNOW | – රටවල් 32 ක ක්‍රියාකාරීන් දස දහස් ගණනක් ගෝලීය රැළියකට එක්වෙමින් ගාසා තීරය වෙත ලඟා වෙමින් තිබේ. ඔවුන් ගුවනින්, ගොඩබිමෙන් සහ මුහුදෙන් මෙම රැළියට එකතු වෙමින් ගාසා දේශසීමාව දිගේ ඉදිරියට යමින් සිටින බව විදෙස් මාධ්‍ය පවසයි.

ඊශ්‍රායලයේ අඛණ්ඩ ජන සංහාරය සහ ගාසා තීරය අවහිර කිරීම වහාම නතර කරන ලෙස ඉල්ලා ඔවුහු ඊජිප්තුවේ රෆා දේශසීමාව දෙසට ගමන් කරමින් සිටිති.

පසුගිය සඳුදා ආරම්භ වූ මෙම පාගමන, ගාසා තීරයේ ජනතාවගේ ක්‍රමානුකූල විනාශය, කුසගින්න සහ අවතැන් වීමට ගෝලීය විරෝධය ප්‍රකාශ කර තිබේ.

යුක්තිය සහ ගෞරවය වෙනුවෙන් පෙනී සිටින මුස්ලිම්වරුන්, ක්‍රිස්තියානීන්, යුදෙව්වන්, සමාජ ක්‍රියාකාරීන්, කලාකරුවන්, වෘත්තීයවේදීන්, වෛද්‍යවරුන්, සිසුන් සහ දේශපාලනඥයින් ඇතුළු සෑම මහාද්වීපයකම සිවිල් සමාජ හඬ එක්රැස් කරමින් මෙම දැවැන්ත රැළිය පැවැත්වේ.