ගම්පහ ප්‍රදේශ රැසකට ජල කප්පාදුවක්

0
127

NEWSNOW | – ගම්පහ ප්‍රදේශ රැසකට ලබන 11 වනදා පැය 10ක ජලකප්පාදුවක් සිදුකිරීමට නියමිත බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම්දෙයි.

ඒ අනුව 11 වන දින උදෑසන 8.30 සිට ප.ව 6.30 දක්වා මෙම ජල කප්පාදුව සිදු කෙරෙනු ඇත.

පෑලියගොඩ, වත්තල, ජාඇළ, සීදුව නගර සභා බලප්‍රදේශ, කැලණිය, වත්තල, බියගම, මහර, දොම්පේ, ජාඇළ, කටාන, මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභා බලප්‍රදේශය සහ ගම්පහ ප්‍රාදේශීය සභාබල ප්‍රදේශයේ කොටසකට මෙම ජල කප්පාදුව ක්‍රියාත්මක වේ.

බියගම ජල පවිත්‍රාගාරයේ ස්ථාපිත සූර්යබල විදුලි පද්ධතිය ප්‍රධාන පද්ධතිය හා සම්බන්ධ කිරීම් වැඩිදියුණු කිරීම හේතුවෙන් මෙලෙස ජලසැපයුම අත්හිටුවා තිබේ.