NEWSNOW | – ලොකොමොටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමය අද (06) දහවල් 12 සිට මුහුදුබඩ දුම්රිය ධාවනයෙන් ඉවත්වීමට සූදානම් වේ.
ඒ මුහුදුබඩ දුම්රිය මාර්ගයේ සංඥා පද්ධතියේ ඇතිවූ දෝෂ සහිත තත්ත්වයට විසදුම් ඉල්ලමිනි.
අදාළ ගැටලුව සම්බන්ධයෙන් අද උදෑසන දුම්රිය සාමානාධිකාරීවරයා සමග සාකච්ඡා කිරීමට නියමිතව ඇත.
එහිදී ඔවුන්ට සාධනීය පිළිතුරක් නොලැබුණහොත් මුහුදුබඩ දුම්රිය මාර්’ගයේ ධාවන කටයුතු වලින් ඉවත්වීමට සූදානම් බව වාර්’තා වේ.
මුහුදුබඩ මාර්ගයේ පානදුර සහ එගොඩඋයන දුම්රිය ස්ථාන අතර දී ඊයේ (5) පෙරවරුවේ දුම්රිය පීල්ලක් කැඩීගොස් තිබෙන දුටු ප්‍රදේශවාසියෙකු ඒ අවස්ථාවේදී කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ සාගරිකා දුම්රිය නැවැත්වීමට කටයුතු කළේය.
ඉන් සිදුවීමට ගිය විශාල හානියක් වළක්වා ගැනීමට හැකි විය.
නමුත් ඉන් පසුව සාගරිකා දුම්රිය නවත්වා තිබියදීම එම මාර්’ගයේම තවත් දුම්රියක් මරදාන දෙසට ධාවනය වී තිබුණි.
ඊට හේතුව ලෙස ලොකොමොටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමය පැවසුවේ මුහුදුබඩ මාර්ගයේ වර්ණාලෝක සංඥා පද්ධතියේ බරපතළ දෝෂයක් හේතුවෙන් මෙවැති තත්ත්වයක් මතුව ඇති බවයි.
ඊට කඩිනමින් අදාළ සංඥා දෝෂයට විසඳුම් ලබාදිය යුතු බව එම සංගමය දුම්රිය බලධාරීන්ට ලිඛිතව දැනුම් දී තිබුණි.
ඊට ක්ෂණිකව විසඳුම් නොලැබුණහොත් මගීන්ගේ ආරක්ෂාව තකා මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවයෙන් ඉවත් වීමට තීරණය කළ බව ඔවුන් පැවසීය.